හදිසියේම සමාජ මාධ්‍ය අක්‍රීය වීමෙන් මොකද දන්නව ද වුණේ?.
By krishani
ඊයේ (05) දිනයේ ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය හදිසියේ අක්‍රිය වීය.
ඒ හේතුවෙන් එම සමාජ මාධ්‍ය හිමිකාරීත්වය දරණ මාර්ක් සකර්බර්ග්ගේ මෙටා සමාගමට ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක ආදායමක් අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
ඊයේ ලොව පුරා ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය එකවරම අක්‍රිය විය.
මේ අයුරින් ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය තුනම එකවරම අක්‍රිය වූ පළමු අවස්ථාව මෙය වේ.
කෙසේ වෙතත්, මෙම සමාජ මාධ්‍ය ත්‍රිත්වය බිඳ වැටීමෙන් පසු මෙටා සමාගමේ කොටස් මිල ද සියයට 1.5 කින් පහත වැටී ඇති බව වාර්තා වේ.