දයාසිරි කූරු ගනින්න බයවෙයි... ඉක්මනින් තීරණයක් ගනී

Sri Lanka Politician Sri Lanka Dayasiri Jayasekara Latest Headlines Sinhala news
By Akash May 31, 2025 10:25 AM GMT
Akash

Akash

Report

බලු කතා අසා සිටිය නොහැකි හෙයින් ජනාධිපති අරමුදලින් සිය සැත්කමට ලැබුණු රු. ලක්ෂ 05ක මුදල නැවත ගෙවීමට තමන්ට උවමනා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

ඇතුලට යන්න ඉන්න ඊළඟ සෙට් එක... මහින්දත් ඒ අතර...?

ඇතුලට යන්න ඉන්න ඊළඟ සෙට් එක... මහින්දත් ඒ අතර...?

එහෙත් එසේ කළහොත් තමන් වංචාවක් කළ නිසා නැවත එම මුදල් ලබා දුන්නේ යැයි චෝදනා කරනු ඇතැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

තමන් මහා වංචාවක් කළේ යැයි ආණ්ඩුව චෝදනා කළ ද එය ජනාධිපති ප්‍රමුඛ කමිටුවක් මගින් අනුමත කර ලබා දී ඇති බවයි, ඔහු සඳහන් කළේ.

ගෝඨාභයට උන දේ අපිටත් වෙයි -ලාල්කාන්ත

ගෝඨාභයට උන දේ අපිටත් වෙයි -ලාල්කාන්ත

ආණ්ඩුවට තමන්ට එරෙහිව නැගිය හැකි එකම චෝදනාව මෙය බවත් ඒ සඳහා කෙතරම් අපහසුතා තිබුණ ද ලක්ෂ 10ක් වුව ද ගෙවීමට තමන් සූදානම් බව ද දයාසිරි ජයසේකර අවධාරණය කරයි. ස්වර්ණවාහිනී වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

ReeCha