අධිකරණයට ඉදිරිපත් වූ ඩයනාට ඇප.(UPDATE)

Report

Update 

සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් අධිකරණයට ඉදිරිපත් වු හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඇප මත මුදාහරිණ ලෙස නියම කළේය.

මෙම මෝසම කැදවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ පෙනී නොසිට ඇති අතර ශ්‍රී ලංකා පුරවැසි භාවය නොමැතිව අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක ලෙස නම් කර සිටින ඩයනා ගමගේ සිය නීතිඥ වරු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

................................................

අතුරුදහන් වූවායි කියූ ඩයනා අධිකරණයට බාර වේ..


අධිකරණයට ඉදිරිපත් වූ ඩයනාට ඇප.(UPDATE) | Dayana Gamage

කොළඹ ප්‍රධාන මසේත්‍රාත්ත අධිකරණය සැකකාරියක ලෙස නම් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණය බාරවීම සඳහා මීට සුළු මොහොතකට පෙර පැමිණියාය.

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්, විදේශ ගමන් බලපත්‍ර සිද්ධියට හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක ලෙස නම් කර කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි.

අනතුරුව සැකකාරිය ඇය පදිංචිව සිටි නිවසින් අතුරුදන්ව ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට කරුණු වාර්තා කර තිබිණ. 

යුද හමුදා සාමාජිකයින් 15667ක් එකරම ඉවත් කරයි..ඉවත් කරන්න හේතුව මෙන්න..

යුද හමුදා සාමාජිකයින් 15667ක් එකරම ඉවත් කරයි..ඉවත් කරන්න හේතුව මෙන්න..


කෙසේ වෙතත් සිය නීතිඥයින් මගින් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට බාරවීමට පැමිණි බව ඇගේ නීතීඥයෝ පැවසූ අතර තම සේවා දායකයා කිසිවිටෙකත්  අතුරුදහන්ව හෝ වහන් වී නැතැයි ද රහස් පොලිසිය මගින් ඇය සොයන බවට මාධ්‍ය මගින් දුටු නිසා අධිකරණයට පැමිණි බව ද නීතීඥවරුන් පවසා ඇත.