චාමරට එරෙහි අල්ලස් නඩුව කැඳවීමට දින

Report

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ගොනු කර තිබෙන නඩුව ලබන අප්‍රේල් මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියෝග කර තිබේ.

රිච්ටර් මාපකයේ ඒකක 7.6 ක ප්‍රබල භූමිකම්පාවක්

රිච්ටර් මාපකයේ ඒකක 7.6 ක ප්‍රබල භූමිකම්පාවක්

ඒ අනුව මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ අද කැඳවනු ලැබූ අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය (Pre-trial conference) සඳහා නඩුව අප්‍රේල් 30 වනදා නැවත කැඳවීමට නියම කරන ලදී

.2016 වසරේදී ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී, පළාත් සභාව සඳහා රේඛනය කළ චෙක්පතක් සිය පෞද්ගලික බැංකු ගිණුමක තැන්පත් කර ගැනීම මඟින් දූෂණය නමැති වරද සිදු කළ බවට චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

සුබ ආරංචියක් - රජය ඉන්ධන සම්බන්ධයෙන් තවත් විශේෂ තීරණයක් ගනී

සුබ ආරංචියක් - රජය ඉන්ධන සම්බන්ධයෙන් තවත් විශේෂ තීරණයක් ගනී