ට්‍රම්ප් මාර්තු අගදී චීනයට
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාර්තු මස අගදී චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ධවල මන්දිරය තහවුරු කර තිබේ.
ඒ අනුව මාර්තු 31 සිට අප්‍රේල් 2 දක්වා ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ චීන සංචාරය සැලසුම් කර ඇති බව ධවල මන්දිර ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ වෙළෙඳ ගනුදෙනු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම බව වාර්තා වේ.
කෙසේ වුවද, විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ ට්‍රම්ප්ගේ මෙම චීන සංචාරය ඔහුගේ විදේශ ප්‍රතිපත්තියේ අස්ථාවරභාවයක් පිළිබිඹු කරන බවයි.