ඩෑන්ට වුණ දේ මහින්දට වෙන්න බැරිකමක් නැහැ - මෙන්න අලුත් භීතිය!

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරමින්, ඔහුට ඩෑන් ප්‍රියසාද්ට සිදුවූ ඉරණමම අත්විඳීමට ආණ්ඩුව පසුබිම සකසමින් සිටින බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ(23) පැවති මාධ්‍ය හමුවකදීය.

‘මුන් ආණ්ඩුව කරන්න දෙන්නෑ.. ජනාධිපතිට අපහාස කරනවා’ - ඩෑන්ගේ ඝාතනයෙන් පසු කංජිපානිගේ හඬපටයක් එලියට!

‘මුන් ආණ්ඩුව කරන්න දෙන්නෑ.. ජනාධිපතිට අපහාස කරනවා’ - ඩෑන්ගේ ඝාතනයෙන් පසු කංජිපානිගේ හඬපටයක් එලියට!

මනෝජ් මහතා සඳහන් කළේ, ඩෑන් ප්‍රියසාද් පාතාල සාමාජිකයෙකු නොව, සිංහල බෞද්ධ මතය වෙනුවෙන් පෙනී සිටි ධෛර්යවන්ත තරුණයෙකු බවයි.

ඩෑන් විසින් අප්‍රේල් 01වැනිදා, එනම් මෝඩයාගේ දිනයේදී, පාර්ලිමේන්තුව ඉදිරියේ කේක් එකක් කපා ආණ්ඩුවට සරදමක් කළ බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව කැඳවූ බවත් නීතිඥවරයා සිහිපත් කළේය.

තව මාස දෙකක් - ලෝකයම කැළඹෙන සුනාමියක් ගැන බාබා වන්ගාගේ අනාවැකිය මෙන්න!

තව මාස දෙකක් - ලෝකයම කැළඹෙන සුනාමියක් ගැන බාබා වන්ගාගේ අනාවැකිය මෙන්න!

මනෝජ් මහතා චෝදනා කළේ, රටපුරා සිදුවන පාතාල ඝාතනවලට ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයද එකතු කරමින් රජය ඒවා යටපත් කිරීමට උත්සාහ කරන බවයි.

ඩෑන් ප්‍රියසාද් මිය ගිය සිද්ධියේ ඇත්ත නැත්ත රුක්ෂාන් බෙල්ලන කියයි

ඩෑන් ප්‍රියසාද් මිය ගිය සිද්ධියේ ඇත්ත නැත්ත රුක්ෂාන් බෙල්ලන කියයි