ප්‍රවීණ නළු ගාමිණී ෆොන්සේකාගේ පුත් දමිත් ෆොන්සේකා අත්අඩංගුවට

Report

සීගිරිය අභයභූමිය තුළ පිහිටි පෞද්ගලික ඉඩමක වනජීවී දෙපාර්තමේන්තුවේ පූර්ව අවසරයකින් තොරව වගා ළිඳක් කැපීම සහ ගස් කපා දැමීම සම්බන්ධයෙන් ප්‍රවීණ නළු ගාමිණී ෆොන්සේකා මහතාගේ පුත් දමිත් ෆොන්සේකා ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

අභයභූමිය තුළ බැකෝ යන්ත්‍ර යොදාගෙන වගා ළිඳක් කපන බවටත් ඒ සඳහා ගස් කපා දමා ඇති බවටත් වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

එහිදී වගා ළිඳ කැපීමට යොදාගත් බැකෝ යන්ත්‍රයක්, ලොරි රථයක්, ට්‍රැක්ටරයක් සහ කපා දමන ලද ගස්වල දැව කඳන් නිලධාරීන් භාරයට ගෙන ඇත.

මාලිමාවේ ප්‍රබලයෙක් අත්අඩංගුවට - විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකුගේ නිවසට දැඬි හානි

මාලිමාවේ ප්‍රබලයෙක් අත්අඩංගුවට - විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකුගේ නිවසට දැඬි හානි

සීගිරිය වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක මලින්ද මහතා පෙන්වා දෙන්නේ, අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති කලාපයක පිහිටි පෞද්ගලික ඉඩමක වුවද කිසියම් ඉදිකිරීමක්, කැණීමක් හෝ ගස් කැපීමක් සිදු කරන්නේ නම් වනජීවී දෙපාර්තමේන්තුවේ නිසි අවසරය ලබා ගැනීම අනිවාර්ය බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වනජීවී නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ, අදාළ ඉඩම පෞද්ගලික ඉඩමක් බැවින් මෙවැනි නීතිමය තත්ත්වයක් පිළිබඳව තමන් දැනුවත්ව නොසිටි බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (31) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කිරිපිටි රු. 260කින් මිල ඉහළට? BREAKING NEWS නමින් යන පුවත ගැන පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

කිරිපිටි රු. 260කින් මිල ඉහළට? BREAKING NEWS නමින් යන පුවත ගැන පාරිභෝගික කටයුතු අධිකාරියෙන් විශේෂ නිවේදනයක්