හේෂාගේ කුකුස තමා හේතුව..ඉවසීමේ සීමාවක් තියෙනවා .. මගේ කට ඇරුණොත් පක්ෂයත් කුඩු වෙනවා

Ratnapura Sajith Premadasa Sri Lanka General Election 2024
By Piyumika Oct 15, 2024 03:55 AM GMT
Piyumika

Piyumika

Report

සදාචාරාත්මක නොවන ලෙස අවසාන මොහොතේ සිය නම රත්නපුර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග නාමයෝජනා ලයිස්තුවෙන් ඉවත් කිරීම පිළිබඳව පක්ෂයේ අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නේ නම් එය සිදුවිය යුත්තේ පක්ෂයේ මහලේකම්, රත්නපුර දිස්ත්‍රික් නායක හේෂා විතානගේ, පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නාමයෝජනා මණ්ඩලය ඉදිරියේ දි බව දමිතා අබේරත්න පවසයි.

පිටසක්වල ජීවීන් පිළිබද තොරතුරක් හමුවෙවිද ..

පිටසක්වල ජීවීන් පිළිබද තොරතුරක් හමුවෙවිද ..

යුටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට එක් වෙමින් දමිතා අබේරතන් ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය වෙනුවෙන් තමන් පරදුවට තැබුවේ දශක ගණනාවක් පුරා අසීරුවෙන් ගොඩනගා ගත් තම වෘත්තීය අභිමානය, ජාතික තලයේ කලාකරුවෙක් ලෙස ලබා ගත් අන්තර්ජාතික ඇගයීම් වලින් පවා ලැබූ ජනතා ආදරය,ප්‍රසාදය සහ කීර්තිය බවය.

කුකුල් ෆාම් ,ඌරු ෆාම් ගැන අහල තිබ්බට මෙහෙම ෆාම් එකක් අහල තිබ්බද..දෙවියනේ! කරලා තියන දෙයක්..

කුකුල් ෆාම් ,ඌරු ෆාම් ගැන අහල තිබ්බට මෙහෙම ෆාම් එකක් අහල තිබ්බද..දෙවියනේ! කරලා තියන දෙයක්..

ඒ කිසිවක් සම්බනධව තක්සේරුවක් නොකර අවසාන මොහොතේ දී සදාචාරාත්මක නොවන ලෙස තමන්ගේ නම නාමයෝජනා ලයිස්තුවෙන් ඉවත් කිරීමට හේෂා විතානගේ කටයුතු කළේ ඔහුට ඉහළින් තමන් මනාප ලබා ගනු ඇතැයි ඔහු තුළ වූ කුකුස නිසා බව පවසන දමිතා තමන්ට කළ අසාධාරණය සම්බන්ධ ව අනිවාර්යයෙන් සාධාරණයක් ඉටු විය යුතු බව පක්ෂ නායකත්වයට දන්වා ඇතැයි පැවසුවාය.

මොකක්ද මේ පොලිස් නිලධාරීන්ට කරලා තියෙන්නේ..මෙහෙම කරද්දී මේපාරත් අයේ එයිද..

මොකක්ද මේ පොලිස් නිලධාරීන්ට කරලා තියෙන්නේ..මෙහෙම කරද්දී මේපාරත් අයේ එයිද..

මේ වනතුරුත් තමන් ඉවසා සිටින්නේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පිළිබඳව විශ්වාසයෙන් මෙන්ම ඔහු ඉවසීමෙන් සිටින ලෙස තමන්ගෙන් කළ ඉල්ලීම නිසා බවත්, තමන් ද මනුෂ්‍යයෙක් බැවින් ඉවසීමේ සීමාවක් ඇති බවත් දමිතා කීවාය.

ඒ සීමාව ඉක්මවා ගිය අවස්ථාවේදී තමන්ගේ කට ඇරුණොත් පක්ෂයම කුඩු වී යා හැකි බව ද ඇය අවධාරණය කළාය.