පාසලක් හඬවමින් විදුහල්පතිවරයා බිලිගත් බිහිසුණු අනතුර - රියදුරු ඇතුළු බසයේ රහස් රැසක් එළියට
දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා පැදවූ මෝටර් රථය අනතුරට ලක්කළ බස් රථයේ රියදුරු අනතුර සිදුවන අවස්ථාවේ දී මත්ද්‍රව්‍ය භාවිත කර සිට ඇති බවට හෙළි වූ බව පොලිසිය අධිකරණයට පවසා ඇත.
එමෙන්ම පොලිසිය සඳහන් කරන්නේ අඳාළ බස් රථයට ධාවන බලපත්‍රයක් නොමැති බව හෙළි වූ බවයි.
ඊයේ (18) අලුයම දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේදී සිදු වූ මෙම අනතුරින් මෝටර් රථයක් පදවමින් සිටි අදාළ විදුහල්පතිවරයා මිය ගියා.
මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්
එමෙන්ම බස් රථයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බව දඹුල්ල පොලිසිය සඳහන් කළා.
ඒ අනුව මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබුණේ දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ ජානක විජේසිංහ නමැති 38 හැවිරිදි දෙදරු පියෙක් බව වාර්තා වේ.
එසේම අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් රියදුරු ලබන මස 05 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය වැඩිදුරටත් දන්වා සිටියා.
අද කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙද්දි කැරට් 22 රන් පවුමක මිල මෙච්චරයි - රටම හොයපු රන් මිල ගණන් මෙන්න