මවක් පුළුස්සා ඝාතනය - ආධාර අනුබල දුන් තවත් අයෙක් පොලිස් දැලේ
දඹගල්ල පොලිස් වසමේ කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ මවක් පුළුස්සා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු පොලීසිය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 35ක් වූ ආණමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බව වාර්තා වේ.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ කාන්තාවගේ 35 හැවිරිදි පුත්‍රයා, අවුරුදු 30ක් වන දියණිය සහ අවුරුදු 34ක් වූ මියගිය කාන්තාවගේ ලේලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස ඝාතනය කර ඇත්තේ, වයස අවුරුදු 55ක් වූ කොලොන්කඳපිටිය, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්ය.
එම කාන්තාවට උදැල්ලකින් පහරදී පුළුස්සා ඝාතනය කර ඇති බවට සිදුකරනලද විමර්ශන අනුව අනාවරණය වී ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.