දළදා වන්දනාව තව පැයකින් දීර්ඝ කෙරේ
By Shehan
ශ්‍රී දළදා වන්දනාව පැවැත්වෙන කාලසීමාව පැයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව, නව සංශෝධිත කාලසටහනට අනුව, වන්දනාව පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා පැවැත්වේ යැයි ශ්‍රී දළදා මාළිගාව නිවේදනය කරයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන්, ශ්‍රී දළදා වන්දනාවේ කාලසටහන සංශෝධනය කිරීමට තීරණය කළ බව ශ්‍රී දළදා මාළිගාව පවසයි.