ආගම් භේදයකින් තොරව ඉදිවන දළදා දන්සැල්

Google Kandy Latest Headlines Kandy Perahera Sinhala news
By Akash Apr 14, 2025 04:50 PM GMT
Akash

Akash

Report

දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දන්සල් සංවිධාන කිරීමට බෞද්ධ මෙන්ම ඉස්ලාම්, හින්දු හා කිතුනු භක්තිකයන්ද ඉදිරිපත්ව සිටින බව මහනුවර මහ නගර සභාව පවසයි.

නව ජාතික හා ආගමික පුනරුදයක් ඇති කරගැනීම අරමුණු කරගනිමින් වසර 16කට පසු පැවැත්වෙන දළදා වන්දනා කාල සීමාව තුළ දන්සල් සංවිධාන කිරීම සඳහා මේ වන විට සංවිධාන 100ක් පමණ නගර සභාවේ ලියාපදිංචිය ලබා තිබෙන බවද මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පසන් පැරකුම් ජයසිංහ මහතා කීය.

කුඩුපට්ටම් වූ අනතුරක්... අයෙක් මරුට... 20ක් රෝහලේ...

කුඩුපට්ටම් වූ අනතුරක්... අයෙක් මරුට... 20ක් රෝහලේ...

තවත් විශාල පිරිසක් ඒ සඳහා ඉල්ලුම් කරමින් සිටින බවත් නගරයේ පවතින ඉඩකඩ සැලකිල්ලට ගනිමින් අදාළ අනුමැතීන් ලබාදීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට සිදුව තිබෙන බවත් ඒ මහතා කීය.

දළදා වන්දනාව පැවැත්වෙන 18 සිට 27 දින දක්වා සෑම දිනයකම දළදා මාලිගා පරිශ්‍රය තුළ 30,000 කට ආහාර පාන ලබා දීමට දළදා මාලිගාව සැලසුම් කර තිබේ.

2025 ගොඩම යන්නේ තරාදි කාරයෝ... මිල මුදල් අඩුවක්ම නැති වසරක්

2025 ගොඩම යන්නේ තරාදි කාරයෝ... මිල මුදල් අඩුවක්ම නැති වසරක්

එම පරිශ්‍රයෙන් පිටත දන්සල් පැවැත්වීම සඳහා මහනුවර මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති අතර, ඒ සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කළ හැකි බවත් නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන නිරීක්ෂණයකින් පසු අදාළ අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් තීරණය කරන බවත් වෛද්‍ය ජයසිංහ මහතා කීය.

ReeCha