මහින්දගේ වරප්‍රසාද කපනවට කොටි ඩයස්‌පෝරාව කැමතියි දැන් මහින්ද මැද මුලනට යන්න ලෑස්ති
හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමේ පනත අද දින දෙවැනි වරට පාර්ලිමේන්තුවේදී විවාදයට ලක් කෙරුණි. අනිසි ආකාරයෙන් ජනාධිපති බලතල භුක්ති විඳිනවා යනුවෙන් චෝදනා ලැබූ මහින්ද රාජපක්ෂත් ඔහුගේ නිල නිවසෙන් ඉවත් වී යා යුතු බවට විටින් විට කීප අවස්ථාවකදීම ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැද මුලන ගෙදරට යාමට සූදානම් බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මෙම කරුණ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා පෙරත් ප්‍රකාශයක් සිදු කෙරූ බව සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වුවේ පහත ආකාරයටයි.
"මන්ත්‍රීවරුන්ට තිබ්බ වරප්‍රසාද ගොඩක් ගිය ආණ්ඩුවෙන් ඉවත් කළා. වාහන පර්මිට් එක ඉවත් කළා.ඔබතුමාලා වරප්‍රසාද කපන එකේ ප්‍රශ්නයක් නෑ.හැබැයි ජනාධිපතිවරයකුට තමන්ගේ කාලයේ රට වෙනුවෙන් කරපු දෙයක් වෙනුවෙන් අනතුරක් තිබෙනවා නම් සාධාරණ ආරක්ෂාවක් ලබාදිය යුතුයි.
සමහරුන්ට ජනතාවට දීපු පොරොන්දු අමතක වුණාට එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාවට දීපු පොරොන්දු නම් අමතක නැහැ.මහින්දගේ වරප්‍රසාද කපනවාට කොටි ඩයස්පෝරාව හරි කැමතියි. මේ තනිකරම කරගෙන යන්නේ එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාවට ලබා දුන්න පොරොන්දු.ඇමති කාලේ අප රජයේ වියදමෙන් ගුවන් ටිකට් එකක්වත් අරගෙන නෑ.මහින්ද මැද මුලනට යන්න සූදානම් ඒ බව කලින්ම කියලා තිබුණා
යනුවෙන්ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.