හතර වටින් ප්‍රහාර එල්ලවෙද්දී සයිප්‍රසයේ බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකටත් ඩ්‍රෝන ප්‍රහාරයක්
සයිප්‍රස් ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩෝලයිඩ්ස් සයිප්‍රසයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කර තිබේ.
ඔහු සඳහන් කරන පරිදි ඉරානයේ නිෂ්පාදිත ෂහෙඩ් (Shahed) වර්ගයට අයත් නියමුවන් රහිත යානයක් ඇක්‍රොටිරි (Akrotiri) ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට කඩා වැටී ඇති බව කළේය.
ජනාධිපතිවරයා X පණිවිඩයක් නිකුත් කරමින් තහවුරු කළේ, මෙම අනතුරින් දේපළවලට සුළු හානි සිදුව ඇති බවය. සයිප්‍රස් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, තමන් යුරෝපීය නායකයින් සහ අනෙකුත් රටවල නායකයින් සමඟ නිරන්තර සම්බන්ධතාවයෙන් පසුවන බවයි.
මෙම ගැටුම්කාරී තත්ත්වය හමුවේ සයිප්‍රසය කිසිදු මිලිටරි මෙහෙයුමක කොටස්කරුවෙකු වීමට අදහස් නොකරන බව ඔහු සඳහන් කළේය.
මෙම ප්‍රහාරයෙන් පසු බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඇක්‍රොටිරි කඳවුරේ රැඳී සිටින හමුදා සාමාජිකයින් ආරක්ෂිතව එතැනින් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.