ආපදාවෙන් හානි වූ පාරවල් වල මේ වන විට තත්වය

Report

මෙරටට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් හානි සිදු වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ නව අධ්‍යක්‍ෂ ජන­රාල් විමල් කණ්ඩම්බි මහතා සදහන් කර තිබේ.

 වැඩිම හානි­යක් සිදු වූ මධ්‍යම පළාතේ සියලු මාර්ග මේ වන විට විවෘත කර ඇත.

තවද ඇතැම් මාර්ග තාව­කා­ලි­කව සංව­ර්ධ­නය කර ඇති බවත් එම මාර්ග සම්පූ­ර්ණ­යෙන්ම සංව­ර්ධ­නය කිරී­මට රුපි­යල් බිලි­යන 69ක් වැය වෙන බව විමල් කණ්ඩම්බි මහතා සදහන් කරයි.

හෙට පාසල් පැමිණෙන දරුවන්ට විශේෂ දැනුම්දීමක්

හෙට පාසල් පැමිණෙන දරුවන්ට විශේෂ දැනුම්දීමක්

මේ සම්බන්ධව තව­දු­ර­ටත් අද­හස් දැක්වූ මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ නව අධ්‍යක්‍ෂ ජන­රාල් විමල් කණ්ඩම්බි මහතා සදහන් කළේ මෙවන් අදහසක්

“මේ ව්‍යස­නය හේතු­වෙන් පාලම් 40ක් විනාශ වුණා. එයින් 36ක් ගම­නා­ග­මන කට­යුතු සඳහා විවෘත කර තිබෙ­නවා. එම පාලම් සම්පූ­ර්ණ­යෙන්ම අලු­ත්වැ­ඩියා කළ යුතුයි. කඳු නාය ගිය ස්ථාන නැවත සංර­ක්ෂ­ණය කිරී­ම­ටත් පිය­වර ගන්නවා. ඒ සඳහා රුපි­යල් බිලි­යන 100කට වඩා වැය වෙනවා. ජාතික ගොඩ­නැ­ඟිලි පර්යේ­ෂණ ආය­ත­නය සමඟ ඒකා­බ­ද්ධව මේ කට­යුතු සිදු කර­නවා. නුව­ර­එ­ළිය දිස්ත්‍රි­ක්කයේ හදිසි අලු­ත්වැ­ඩියා සඳහා රුපි­යල් මිලි­යන 100ක් පම­ණත්, බේලි පාල­මක් සඳහා රුපි­යල් මිලි­යන 120ක් සහ දරුණු ලෙස හානි වූ මාර්ග, බෝක්කු සහ පැති බැමි අලු­ත්වැ­ඩි­යා­වට රුපි­යල් බිලි­යන 14ක් පමණ අවශ්‍ය බවට මේ වන විට ගණන් බලා තිබෙ­නවා.                 මේ කට­යුතු කඩි­න­මින් සිදු කිරී­මට පිය­වර ගන්නවා.”

ලෝකෙම ඉන්න පූස් පිස්සොන්ට සුබ ආරංචියක්

ලෝකෙම ඉන්න පූස් පිස්සොන්ට සුබ ආරංචියක්

අද ලග්න තුනකට සල්ලි දෝරේ ගලන වාසනාවක්

අද ලග්න තුනකට සල්ලි දෝරේ ගලන වාසනාවක්