ජනපති අනුරගේ ලොකුම සිහිනය බොඳවෙයි. - හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ලට සිදු වූ දේ මෙන්න.

Anura Kumara Dissanayaka Government Of Sri Lanka President of Sri lanka
By Wayomi Jan 30, 2025 04:59 AM GMT
Wayomi

Wayomi

Report

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කපා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බාධාවක් වන බව ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති පත්කළ කමිටුවට නිරීක්ෂණය වී ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.

සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර ලබාදුන් පොරොන්දුව පරිදි රජයේ වියදම් සීමා කිරීම සඳහා දරණ උත්සාහයේදී හිටපු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සහ ප්‍රතිලාභ කප්පාදු කිරීම සඳහා අවස්ථාවක් තිබෙනවා දැයි සොයා බැලීම සඳහා ජනධිපති අනුර කුමාර දිසානායක කමිටුවක් පත් කරනු ලැබුවා.

ඒ, අනුව හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්‍රතිලාභ කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කපා හැරීමට හෝ අහෝසි කිරීමට නොහැකි බව කමිටුව සොයාගෙන තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(2) උප වගන්තිය යටතේ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එම ධූර දරන තැනැත්තාට පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන වැටුප් හා දීමනා සහ ඉන් අනතුරුව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ඇත.

එමෙන්ම පසුව මෙම ව්‍යවස්ථාවට කරනු ලබන සංශෝධනයක්, මෙම ව්‍යවස්ථාව පරිච්චින්න කිරීමක් නැතහොත් ප්‍රතියෝජනය කිරීමක් සහ මෙම ව්‍යවස්ථාවට අනනුකූලවන පසුව පනවනු ලැබූ යම් නීතියක් හෝ ඒ නීතියක යම් විධිවිධානයක් අතීතයට බලනොපාන බවද එහි දැක්වෙයි.


නව රජයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කරයි. - ශවේන්ද්‍ර සිල්වාට මොකද වෙන්නේ එතකොට? - යුධ, නාවික සහ ගුවන් සේවා අභිබවා යයි.

නව රජයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කරයි. - ශවේන්ද්‍ර සිල්වාට මොකද වෙන්නේ එතකොට? - යුධ, නාවික සහ ගුවන් සේවා අභිබවා යයි.

මහින්ද රාජපක්ෂට ඇති ඩ්‍රෝන ප්‍රහාර අවදානම ගැන විශේෂ දැනුම්දීමක්.

මහින්ද රාජපක්ෂට ඇති ඩ්‍රෝන ප්‍රහාර අවදානම ගැන විශේෂ දැනුම්දීමක්.


You May Like This Video

 

ReeCha