ඩුබායි සිට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගය රේගුවේ දැලේ - වටිනාකම රුපියල් ලක්ෂ 46 ඉක්මවයි

Report

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් 4,650,000ක් පමණ වන බව රේගු නිලධාරීන් සඳහන් කරයි. ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති මගීන් සඳහා වෙන්කර ඇති ‘හරිත මාවත’ ඔස්සේ මෙම දුම්වැටි තොගය රැගෙන යාමට උත්සාහ කළ අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවල ඩෙංගු අවදානම ඉහළට යද්දී සමස්ත රෝගීන් සංඛ්‍යාව 84,000 ඉක්මවයි

ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවල ඩෙංගු අවදානම ඉහළට යද්දී සමස්ත රෝගීන් සංඛ්‍යාව 84,000 ඉක්මවයි

අත්අඩංගුවට පත්ව ඇත්තේ හලාවත, මාරවිල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු අද (30) පෙරවරු 10ට පමණ ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව අනාවරණය වී තිබේ.

සැකකරු සතුව තිබූ ගමන් මලු දෙකක් පරීක්ෂා කිරීමේදී, විදේශීය නිෂ්පාදිත දුම්වැටි 31,000ක් අඩංගු දුම්වැටි කාටූන් 155ක් සඟවා තිබියදී සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

මේ දිනවල මත්පැන් හා පැණිබීම බොන අයට මාරාන්තික අනතුරු ඇඟවීමක් - සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් ඇඟ හිරි වැටෙන දැනුම්දීමක්

මේ දිනවල මත්පැන් හා පැණිබීම බොන අයට මාරාන්තික අනතුරු ඇඟවීමක් - සෞඛ්‍යය අමාත්‍යාංශයෙන් ඇඟ හිරි වැටෙන දැනුම්දීමක්