රේගුවේ දැවැන්ත වැටලීමකින් චීන සිගරට් කෝටි ගණනක තොගයක් අල්ලයි

Report

ශ්‍රී ලංකා රේගුව විසින් ආනයනය කළ ශීත ගබඩා පැනල් තුළ සඟවා තිබූ සිගරට් මිලියන 3.6කට ආසන්න තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ජාත්‍යන්තර හවුල්කරුවන්ගෙන් ලද තොරතුරු මත මෙම වැටලීම සිදු කර ඇත. රේගුව සඳහන් කළේ, “ශීත ගබඩා පැනල්” ලෙස ප්‍රකාශ කර ආනයනය කළ මෙම තොගය දේහිවල පිහිටි සමාගමක් සඳහා ගෙන්වා ඇති බවයි.

පරීක්ෂා කිරීමේදී එම පැනල් තුළ සඟවා තිබූ සිගරට් කාටන් 18,000කට වැඩි ප්‍රමාණයක් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

ජූලි අස්වැසුම දීමනාව අද ගිණුම්වලට

ජූලි අස්වැසුම දීමනාව අද ගිණුම්වලට

මෙම ජාවාරමට ශ්‍රී ලංකාවේ පදිංචිව හෝ රැකියාවක නිරතව සිටින ඇතැම් චීන ජාතිකයන් සම්බන්ධ විය හැකි බවට රේගුව සැක පළ කරයි. එම සම්බන්ධතාව පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

රේගු බලධාරීන්ගේ ඇස්තමේන්තුව අනුව, මෙම සිගරට් තොගය මෙරට වෙළෙඳපොළට ඇතුළත් වූයේ නම් රුපියල් මිලියන 400කට අධික බදු ආදායම් පාඩුවක් සිදුවීමට ඉඩ තිබූ අතර, අත්අඩංගුවට ගත් සිගරට්වල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 450කට වැඩි බව සඳහන් කර ඇත.

ඩෙංගු දරුණු අතට - මරණ 50ට ආසන්නයි

ඩෙංගු දරුණු අතට - මරණ 50ට ආසන්නයි