කොළඹ කොටුව රේගු මූලස්ථානයෙන් ජීව උණ්ඩ හමුවේ
කොලඹ කොටුව රේගු මූලස්ථානයේ තිබී ජීව අංශ උණ්ඩ දෙකක් හමුවූ බවට පොලිසිය සඳහන් කරයි. රේගු මූලස්ථානය තුන්වෙනි මහලේ තොරතුරු තාක්ෂණ අංශයේ තිබී මෙලෙස ටී 56 ජීව උණ්ඩයක් හා බෝර දොළහ වර්ගයේ ජීව උණ්ඩයක් හමුව තිබේ.
රේගු මූලස්ථානය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කොටුව පොලිස් ස්ථානයට ලබා දුන් දුරකතන පණිවිඩයක් සිදුකර විමර්ශනයකදී තොරතුරු තාක්ෂණ අංශයේ සහකාර රේගු නිලධාරීන්ගේ විවේක කාමරයේ තිබී එම ජීව ජීව උණ්ඩ සොයාගෙන තිබේ.
මෙම ජීව උණ්ඩ කවුරුන් විසින් රැගෙන ආවාද යන්න සොයා අපරාධ පරීක්ෂණ නිලධාරින් සහ ඇඟිලි සටහන් කාර්යාලයේ නිලධාරින්, නිල සුනඛ අංශයේ සහාය ඇතිව විමර්ශන කටයුතු සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.
පියුමි,ශ්‍රිමාලී ගියා යැයි කියන 2022 ඩුබායි අවුරුදු උත්සවයේ ඡායාරූප රැසක් සමග පියුමිගේ වීඩීයෝවකුත් ඩිලීට්?
කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප ද සිල්වාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක රණවක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.