උණුසුමේ ඇවිලෙන ඉන්දු පාකිස්ථානු යුධ ගිනිවල දැන් තත්ත්වය
By Mithu
කාෂ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මුල්කරගෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර නිර්මාණය වූ නොසන්සුතාව ක්‍රමයෙන් තීව්‍ර වෙමින් පවතී. ඒ අනුව අඛණ්ඩව 7වැනි රාත්‍රියටත් ජම්මු කාෂ්මීරයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර හමුදා පාලන සීමාව ආසන්නයේ දී දෙරටේ හමුදා අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.

"කාමරයෙන් කාමරයට ගෙනිහින්, ඇඳුම් ගලවලා හරිම වදයක් දුන්නා" - සියදිවි නසාගැනීමට පෙර සිදුවුන සියල්ල කැම්පස් කෙල්ලක් කියයි..
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පාකිස්තානය එල්ලකළ වෙඩි ප්‍රහාරවලට ඉන්දීය හමුදාව සාර්ථකව ප්‍රතිචාර දැක්වූ බවය. සියලුම පාකිස්තාන ගුවන් යානාවලට සිය ගුවන් කලාපය වසා දැමීමටත් ඉන්දියාව පියවර ගෙන ඇත්තේ මෙවන් පසුබිමකයි.
එමෙන්ම පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ ද දෙරටේ නායකයින් සමග සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.