අදත් කොටස් උඩ යයි - සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය ඒකක ගාණ මෙන්න
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (23) දිනයේදී ඒකක 31.14කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව, ASPI දර්ශකය දිනය අවසානයේ ඒකක 21,085.15ක් වශයෙන් සටහන් වී ඇත. ඒ 0.15%ක ඉහළ යාමක් ලෙසයි.
එසේම අද දිනයේ කොටස් වෙළෙඳපොළේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.3ක් වශයෙන් සටහන් වී ඇත.