ඇවිලෙන සාම සාකච්ඡා අතර බොරතෙල් මිල පහළට
ඉරානය සහ එක්සත් ජනපද නියෝජිතයින් අතර සාම සාකච්ඡා සඳහා ඉස්ලාමාබාද්හිදී හමුවීමට නියමිත බවට වාර්තා පළවීමත් සමඟ බ්‍රෙන්ට් බොරතෙල් මිල පහළ ගොස් ඇති බව වාර්තා වේ.
මැද පෙරදිග මෑතකාලීන ආතතීන් අතරතුර තෙල් මිල බැරලයකට ඩොලර් 119ක් දක්වා ඉහළ ගිය පසු මෙම පහත වැටීම පාරිභෝගිකයින්ට යම් සහනයක් ලබාදෙමින් තිබේ.
ප්‍රධාන ගෝලීය මිණුම් සලකුණු වන බ්‍රෙන්ට් බොරතෙල් සහ WTI බොරතෙල් යන දෙකම ඊයේ(10) වෙළඳ සැසි අවසානයේදී සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව සඳහන් වේ. ඒ අනුව WTI බොරතෙල් මිල ඩොලර් 96.57 දක්වා සියයට 2.1කින් පමණ පහත වැටී ඇති අතර, ජාත්‍යන්තර මිණුම් ලකුණ වන බ්‍රෙන්ට් බොරතෙල් ඩොලර් 95.20 දක්වා අඩුවී ඇත.
ඉරානෙට බෝම්බ හංගපු තැන් හොයාගන්න බැරිවෙලාද? හෝර්මුස් සමුද්‍ර සන්ධිය ගැන අමුතුම ආරංචියක් - ඉරානයට දරුණු චෝදනාවක්
අද (11) පකිස්ථානයේදී ආරම්භ වීමට නියමිත සටන් විරාමයක සහ සම්බන්ධ පාර්ශ්ව අතර සාකච්ඡා පිළිබඳ වාර්තාද මෙම වෙළඳපොළ ප්‍රවණතාවයට බලපා ඇති බව සඳහන් වේ.
පසුගිය දිනවල හෝමූස් සමුද්‍ර සන්ධියේ ඇති වූ ආතතීන් හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට තර්ජන එල්ල විය හැකි බවට සැලකිලිමත් වෙමින්, තෙල් මිල බැරලයකට ඩොලර් 120 ඉක්මවිය හැකි බවටද වෙළඳපොළ විශ්ලේෂකයින් පුරෝකථනය කර තිබුණි.
ගෝලීය මට්ටමින් තෙල් මිල පහළ යමින් තිබුණද, සැපයුම් අඩු වීම සහ ඉහළ ඉල්ලුම හේතුවෙන් සමහර දේශීය වෙළඳපොළවල තවමත් මිල ඉහළ මට්ටමක පවතින බවද වාර්තා වේ. ඉන්දියානු වෙළඳපොළේද මෙවැනිම ප්රවණතා දක්නට ලැබුණු බව සඳහන් වන අතර, තෙල් මිල බැරලයකට ඩොලර් 120 දක්වා ඉහළ ගිය අවස්ථාවේදී සියයට 4කට අධික වර්ධනයක්ද වාර්තා වී ඇත.