ඉරානයේ නව උත්තරීතර නායකයාට බරපතළ තුවාල - මුහුණ විකෘති වෙලා,පාද දෙකකට තුවාල
ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි බරපතළ තුවාල ලබා දරුණු තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටින බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.
මැදපෙරදිග යුද්ධය ආරම්භයේදීම මධ්‍යම ටෙහෙරානයේ පිහිටි උත්තරීතර නායකයාගේ පරිශ්‍රයට එල්ල වූ ප්‍රහාරයකින් එවකට ආධ්‍යාත්මික නායක අයතුල්ලාහ් අලි කමේනි ඝාතනය වූ අතර, එම අවස්ථාවේදී ඔහු අසල සිටි ඔහුගේ පුත් මොජ්තබා කමේනි ද මෙම ප්‍රහාරයට ලක්ව තිබේ.
අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් වාර්තා කරන්නේ, එම ප්‍රහාරය හේතුවෙන් නව නායකයාගේ මුහුණ විකෘති වන අයුරින් තුවාල වී ඇති බවයි.
එමෙන්ම ඔහුගේ එක් පාදයකට හෝ දෙකටම සැලකිය යුතු මට්ටමේ දරුණු තුවාල සිදුවී ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.
කෙසේ වෙතත්, 56 හැවිරිදි වියේ පසුවන මොජ්තබා කමේනි, සිය සෞඛ්‍ය තත්ත්වය මධ්‍යයේ වුවද වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්බන්ධ කරගනිමින් යුද මෙහෙයුම් කටයුතු මෙහෙයවන බව වාර්තා වේ.
ඉරානය දශක ගණනාවකට පසු මුහුණ දී සිටින බරපතළම අර්බුදකාරී අවස්ථාවක, නව නායකයාගේ මෙම සෞඛ්‍ය තත්ත්වය එරට අනාගත ස්ථාවරත්වය පිළිබඳව තීරණාත්මක ගැටලු මතු කරනු ඇති බව විදේශීය දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.