සෞඛ්‍ය සේවයේත් අර්බුදයක්, ඉල්ලීම්වලට කන් නොදුන්නොත් අපි ක්‍රියාත්මක වෙනවා.....

Report

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය විසින් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දෙදහසකගේ හිඟයක් පවතින බව පවසයි.

මේ නිසා ඒක් නිලධාරිනියකට රටපුරා දුෂ්කර ප්‍රදේශවල කොට්ඨාශ දෙකක හෝ කීපයක වැඩ ආවරණය කිරීමට සිදුව ඇත.

මෙමඟින් ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය බිඳ වැටීමේ අවදානමක් මතුව ඇති බවද ඇය පවසයි.

මෙවර 45,000කට සරසවි වරම්

මෙවර 45,000කට සරසවි වරම්

ඒක් නිලධාරිනියක් සේවය කළ යුත්තේ 2500 - 3500 ත් අතර පිරිසකට වුවත් ඔවුන්ට මේ වන විට ජනගහනය 5000 ඉක්ම වූ කොට්ඨාශවල පවා රාජකාරි කිරීමට සිදුව ඇති බව ද සඳහන්.

සභාපතිනිය තවදුරටත් පැවසුවේ මේ හරහා ළදරු, ළමා හා මාතෘ ඒන්නත්කරණය, ත්‍රිපෝෂ බෙදා හැරීම, ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය, බෝවන රෝග පාලනය ඇතුළු සේවාවන් රැසක් බිඳ වැටිය හැකි බවයි.

එහි දී ඇය විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් සෞඛ්‍ය සේවා කොට්ඨාශ දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් එක් කොට්ඨාශයක් ලෙස නම් කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක නොකළ යුතු බවත් පැවසුවා.

එසේම මේ වන තෙක් මෙයට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා හෝ සෞඛ්‍ය ඇමැතිවරයාගේ මැදිහත් වීමක් සිදු නොවූ බවත් ඇය ප්‍රකාශ කළා.

ලංකාවට ඩොලර් බිලියනයක ආධාර පැකේජයක්.....

ලංකාවට ඩොලර් බිලියනයක ආධාර පැකේජයක්.....

සෞඛ්‍ය බලධාරීන් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොන්දේසි අවතක්සේරු කරමින් ක්‍රියා කිරීම තමන් හෙළා දකින බව ද ඇය පැවසුවා.

ඒ අනුව සභාපතිනිය වැඩිදුරටත් කියා සිටියේ මෙම ඉල්ලීම්වලට බලධාරීන්ගේ අවධානය යොමු නොවන්නේ නම් තම සංගමය එයට එරෙහිව ක්‍රියාත්මක වන බවයි.