අයියාගේ අතින් මල්ලී මරුට

By Gagana News Mar 08, 2025 06:23 AM GMT
Report

ඇලපාත, අළුපත්ගල ප්‍රදේශයේදී වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (7) රාත්‍රියේ සිදු වූ මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ අළුපත්ගල, උඩනිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය ප්‍රකාශ කරයි.

මරණකරුගේ වැඩිමහල් සොහොයුරා සමඟ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන්, තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම මරණය සිදුව ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

කෙසේ නමුත් මෙම ඝාතනය සිදුකරනු ලැබූ සැකකාර වැඩිමහල් සොහොයුරා මානසික රෝගයකට ප්‍රතිකාර ලබාගන්නා බවට මව විසින් ප්‍රකාශයක් ලබා දී තිබේ.

සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, මෘත ශරීරය රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඇලපාත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.  

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනලා - සියලුම තොරතුරු ඉන්දීය බුද්ධි අංශයට!

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පැනලා - සියලුම තොරතුරු ඉන්දීය බුද්ධි අංශයට!

අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරීන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරයට

අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරීන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරයට