තර්ස්ටන් - ඉසිපතන 62වැනි සහෝදර සටනෙන්: තර්ස්ටන් විද්‍යාලයට කඩුළු 10ක ජයක්

Cricket Sri Lanka Cricket Sri Lankan Schools
By Gagana News Feb 23, 2025 03:20 PM GMT
Gagana News

Gagana News

Report

තර්ස්ටන් - ඉසිපතන 62වන 'සහෝදරයන්ගේ සටන' කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර වාර්ෂික මහා ක්‍රිකට් තරඟයෙන් කඩුලු 10ක පහසු ජයක් ලැබීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය අද (23) සමත් විය.

තෙදිනක් පුරා පැවති මෙම තරඟය පසුගිය 21වනදා ආරම්භ වූ අතර, එහිදී පළමුව පන්දුවට පහරදුන් ඉසිපතන විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 203/10ක් රැස්කළේය.ඊට පිළිතුරු ලෙස තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 257/9ක් රැස්කර ඉනිම අත්හිටුවීය.

නැවතත් දෙවන ඉනිම ක්‍රීඩාකළ ඉසිපතන විද්‍යාලයට එවර රැස්කළ හැකිවූයේ ලකුණු 104/10ක් පමණි. ඒ අනුව තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 50ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය.

එම ඉලක්කය කිසිවෙකුත් නොදැවී පසුකර යෑමට ඔවුන්ට හැකිවිය.

'බ්ලැක්හැම් විජේවර්ධන අනුස්මරණ කුසලාන' සඳහා පැවැත්වෙන මෙම වාර්ෂික ක්‍රිකට් තරඟය 1964 වසරේදී ආරම්භ වූවක් වන අතර ඉන් අද ලැබූ ජයග්‍රහණයත් සමඟ තර්ස්ටන් විද්‍යාලය අවස්ථා 7කදී මහා ක්‍රිකට් තරඟය ජයගෙන තිබේ.

එමෙන්ම අවසන්වරට ඔවුන් ජයග්‍රහණයක් ලබා තිබුණේ 2019 වසරේදීය. මෙම තරඟය තුන්දින තරඟයක් ලෙස පැවැත් වූ පළමු අවස්ථාවද මෙය වෙයි. 

ලොව දීර්ඝතම පන්දුවාරය මොහොමඩ් ෂාමිගෙන්

ලොව දීර්ඝතම පන්දුවාරය මොහොමඩ් ෂාමිගෙන්

කාසල්රි රක්ෂිතයේ ගින්නක්

කාසල්රි රක්ෂිතයේ ගින්නක්

ReeCha