ශ්‍රී ලංකා A කණ්ඩායමට ලැබුණූ ඉලක්කය..

By Sewvandhi Jul 15, 2023 08:58 AM GMT
Report

ශ්‍රී ලංකා A කණ්ඩායම නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සහභාගීවන දෙවන තරගය අද (15) ඇෆ්ගනිස්තාන A කණ්ඩායමට එරෙහිව මේ වනවිට පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්තාන A කණ්ඩායමට ලබාදුනි.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන A කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කරගත්තේ ලකුණු 252ක් පමණි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Riaz Hassan ලකුණු 82ක් රැස්කළ අතර Noor Ali Zadran ලකුණු 53ක් රැසක් කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න කඩුලු 3ක් දවාගත් අතර දුෂාන් හේමන්ත කඩුලු 2ක් දවාගත්තේය.

ඒ අනුව, තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා A කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 253කි.