රනිල්ගේ හදිසි නීති රෙගුලාසිවලින් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

Report

2022 ජූලි 17 වැනිදා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අරගලකරුවන් පාලනය කිරීම සඳහා මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කළ හදිසි නීති රෙගුලාසි මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

1 සහ 6 ශ්‍රේණියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - තාක්ෂණය විෂයට වැඩි ඉඩක්

1 සහ 6 ශ්‍රේණියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - තාක්ෂණය විෂයට වැඩි ඉඩක්

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනතේ 02 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද හදිසි නීති රෙගුලාසි අත්තනෝමතික මෙන්ම බලශූන්‍ය බව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් තීන්දු කළහ.

මාලිමා ආණ්ඩුවට දිගට හරහට දෙහි කපන උදය ගම්මන්පිල

මාලිමා ආණ්ඩුවට දිගට හරහට දෙහි කපන උදය ගම්මන්පිල

මෙම තීන්දුව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන විනිසුරුවරුන් විසින් ලබා දෙන ලදී.

නමුත්, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන ඔබේසේකර, වැඩබලන ජනාධිපතිවරයාගේ හදිසි නීති ප්‍රකාශය මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී නොමැති බවට සිය තීන්දුවෙන් ප්‍රකාශ කළේය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිගා සත්කුණනාදන් සහ ලිබරල් තරුණ ව්‍යාපාරය විසින් ඉදිරිපත් කර තිබිණි.

නෑ නෑ ඩඩ්ලිගේ සුදු අරලියා ගැන කියන්න බෑ අපි වැව් රක්ෂිත ලකුණු කරනවා විතරයි, නලින්ද කියයි

නෑ නෑ ඩඩ්ලිගේ සුදු අරලියා ගැන කියන්න බෑ අපි වැව් රක්ෂිත ලකුණු කරනවා විතරයි, නලින්ද කියයි

පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු ගෙවීමට රජයට නියම කෙරිණි.

පාසල් වේලාවන් ගැන විශේෂ නිවේදනයක්

පාසල් වේලාවන් ගැන විශේෂ නිවේදනයක්