හිටපු ජනපති මෛත්රිපාල සිරිසේනට නිකුත් කළ සිතාසිය බලරහිත කිරීමට රිට් ආඥාවක්
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි වශයෙන් මිනීමැරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පුද්ගලික පැමිණිල්ලකට අදාළව හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේනට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දන්වා කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය මඟින් සිතාසි නිකුත් කරන ලෙස මහේස්ත්රාත්වරයා කළ නියෝගය බල රහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමකට තීන්දුව දෙමින් පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් මඟින් අඳාළ නියෝගය මෙසේ ප්රකාශයට පත් කර ඇත.
කෙසේ වුවද නව සාක්ෂි ඉදිරිපත් වන්නේ නම් කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ පවතින අදාළ නඩු කටයුත්ත ඉදිරියට පවත්වාගෙන යාමට මෙම නඩු තීන්දුව බාධාවක් නොවන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළා.