සියලුම උපකුලපතිවරුන් UGCයට කැඳවයි....

Sabaragamuwa University University Grants Commission Sinhala news
By Hashini May 05, 2025 08:19 AM GMT
Hashini

Hashini

Report

දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්, අද(05) නවකවධය ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා.

මේ අතර, නවක වධයට දිගු කාලීන විසඳුම් සෙවීම වෙනුවෙන් අගමැතිනි හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමක් සඳහා ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශයද දිවයිනේ උපකුලපතිවරුන් කොළඹට කැඳවා ඇති බව වාර්තා වෙනවා.

අද(05) සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන්ට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන්, බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ සිසුන් ඊයේ (04) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම සිසුන්, සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය 29 වැනිදා සමනලවැව පොලීසියට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවලදී ඔවුන් අත්අඩංගුවට ගැනුණා. 

ජනපතිගෙන් වින්ගෲප් සමුහයට ඇරයුම් ...

ජනපතිගෙන් වින්ගෲප් සමුහයට ඇරයුම් ...

ReeCha