ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනපති රනිල් වගඋත්තරකරුවකු ලෙස නම් කරයි..!

Ranil Wickremesinghe SL Protest Sri Lanka Anti-Govt Protest Latest Headlines
By Sewvandhi Oct 22, 2024 10:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් 2022 වසරේ සමාජවාදී තරුණ සංගමය විසින් පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයකට පොලීසිය විසින් පහරදී විසුරුවා හැරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට අවසර ලබාදී තිබේ.

සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයින් පිරිසක් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් අද (22) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතීඥවරුන් කළ ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව මෙම අවසරය ලබාදී ඇත.