ඊ පාස්පෝට් සිද්ධිය ගැන නීතිපතිවරයාගෙන් අධිකරණයට දැනුම්දීමක්...

Sri Lanka Government Of Sri Lanka Sri Lanka Magistrate Court Passport
By Piyumika Dec 04, 2024 03:03 AM GMT
Piyumika

Piyumika

Report

ඉකුත් රජය සමයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට "ඊ විදේශ ගමන් බලපත්‍ර" මිලියන 05ක් මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය පිරිනමා තිබෙන ආකාරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විසින් විමර්ශනයක් සිදුකරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

සුනඛයකු මුහුදු වෙරළේ ඇදගෙන ගිය දේ දැකලා කට්ටියට උන් හිටි තැනුත් අමතක වෙලා..අනේ දෙවියනේ මොන අපරාධයක්ද..(VIDEO)

සුනඛයකු මුහුදු වෙරළේ ඇදගෙන ගිය දේ දැකලා කට්ටියට උන් හිටි තැනුත් අමතක වෙලා..අනේ දෙවියනේ මොන අපරාධයක්ද..(VIDEO)

එම විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය පිරිනමා තිබෙන ආකාරය අභියෝගයට ලක් කරමින් එපික් ලංකා පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සම ඊයේ (03) මෝසමක් මාර්ගයෙන් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙම දැනුම් දීම සිදුකළේය.

හොර ගෙඩියෝ වගේ සීතල නුවරඑළියට වෙලා හැන්ගිමුත්තම් දාපු සෙට් එකක් අතේ මාට්ටු ..

හොර ගෙඩියෝ වගේ සීතල නුවරඑළියට වෙලා හැන්ගිමුත්තම් දාපු සෙට් එකක් අතේ මාට්ටු ..

මෙම පෙත්සම මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම ඊ විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් මිලදී ගැනීමේ ටෙන්ඩරය පිරිනමා තිබෙන ආකාරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවය.

එම විමර්ශනයට අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා එම කමිටුව විසින් සතියක කාලයක් ඉල්ලා තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේය.

බෝ මුලදී බුදුරදුන් රාගය දුරු කරද්දී..ඒ බෝ රජු වැඩ සිටින පුණ්‍ය භුමියේදී කොස්තාපල් වරියකට කරපු අපරාධය ..

බෝ මුලදී බුදුරදුන් රාගය දුරු කරද්දී..ඒ බෝ රජු වැඩ සිටින පුණ්‍ය භුමියේදී කොස්තාපල් වරියකට කරපු අපරාධය ..

ඒ අනුව මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඔහු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙහිදී වගඋත්තරකාර සමාගම් කිහිපයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කණගිශ්වරන් මහතා කියා සිටියේ අදාළ විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීම වළක්වාලමින් අධිකරණය විසින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස සිය සේවාදායකයින් විසින් කරනු ලබන ඉල්ලීම සලකා බැලීම සඳහා දිනයක් ලබා දෙන ලෙසය.

ඒ අනුව ඒ පිළිබඳ විභාගය ජනවාරි මස 23 වනදා පැවැත්වීමටද අධිකරණය දින නියම කළේය.

You may like this video

ReeCha