පිල්ලෙයාන් තවත් දින 90ක් රිමාන්ඩ් බන්ධනාගාරට
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් තවත් දින 90ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙම තීන්දුව සම්බන්ධයෙන් පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ගොනුකළ රිට් පෙත්සම හෙට (31) ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතය.
අද (30) පිල්ලෙයාන්ගේ නීතිඥ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ගොස් ඔහු හමුවී නඩු තත්ත්වය සාකච්ඡා කළේය.
"පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවාගෙන සිටින බව රජය කියන නමුත්, ඇත්ත වශයෙන්ම නැගෙනහිරින් පැමිණි මහාචාර්යවරයෙකු අතුරුදහන් වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. මේ නිසා මාස 7½ක් පමණ රිමාන්ඩ් කර තිබේ. අත්අඩංගුවට ගැනීමට කිසිදු පදනමක් නැති බවත්, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් තහවුරු කරන නියෝගයක් ඉල්ලා රිට් පෙත්සම ගොනුකර ඇත"
යැයි ගම්මන්පිල මහතා පැවසීය.