“සෞදි රාජ්‍යයටත් අධිකරණයටත් ස්තුතියි” - අනෝජන්ගේ මරණ දඩුවම අහෝසී කරාට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් [VIDEO]

Report

සෞදි අරාබියේ සේවය කරමින් සිටියදී සමාජ මාධ්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකික අනෝජන් සිවරාසා මහතාට නිදහසට හිමිව තිබෙනවා. ඒ අනුව, ඔහුට මරණ දඬුවම නියම කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අවලංගු කිරීමට සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍රන් මහතා අද (14) සෞදි අරාබි රාජ්‍යයට අපි ස්තුතිය පුද කළහ. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යතුමා

''සෞදි අරාබියේ සේවය කළ අනෝජන් සිවරාසා මහතාට සමාජ මාධ්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් මුලින් වසර පහක සිරදඬුවමක් නියම වුණා. පසුව අභියාචනාධිකරණය විසින් මරණ දඬුවම නියම කළා. ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ රාජ්‍යතාන්ත්‍රික, කොන්සියුලර් සහ නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබුවා. අනෝජන් මහතාගේ පවුලේ සාමාජිකයන් ද ජනාධිපතිතුමා සහ විදේශ කටයුතු අමාත්‍යතුමා හමුවී තිබුණා. අපගේ තානාපතිතුමා සහ තානාපති කාර්යාලයේ නිලධාරීන් සෞදි බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වුවා. තවද, විශේෂ ශ්‍රී ලාංකික නීතිඥ කණ්ඩායමක් ද සෞදි නීතිඥවරුන් සමඟ එක්ව කටයුතු කළා. මෙම නඩුවට අදාළ නීතිමය වියදම් රජය විසින් දැරීමට තීරණය කළා. පවුලේ සාමාජිකයන් මීට පෙර දැරූ නීතිමය වියදම් ප්‍රතිපූරණය කිරීමටත් රජය තීරණය කළා. 2026 ඔක්තෝබර් 13 වැනිදා සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනෝජන් සිවරාසා මහතාට මරණ දඬුවම නියම කළ අභියාචනාධිකරණ තීන්දුව අවලංගු කිරීමට තීරණය කළා. ඒ අනුව, එම තීන්දුව යටතේ පනවා තිබූ මරණ දඬුවම ඉවත් වී තිබෙනවා. එසේම, මෙම කටයුත්ත ඉතාමත් සාර්ථක ලෙස ඉදිරියට ගෙන යෑමට සහයෝගය ලබාදුන් සෞදි අරාබි රාජ්‍යයට අපි ස්තුතිය පුද කරනවා. එසේම, එරට අධිකරණ ක්‍රියාදාමයට අපගේ ගෞරවය පළ කරනවා. එසේම, අපගේ තානාපතිතුමා සහ තානාපති කාර්යාලයේ නිලධාරීන්ටත්, අපගේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය ප්‍රමුඛ සියලුම නිලධාරීන්ටත්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයටත්, නීතිපති දෙපාර්තමේන්තුවටත් අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා.''

අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසි කරයි

අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසි කරයි

සෞදි අරාබියෙන් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

සෞදි අරාබියෙන් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්