විල්පත්තුවේ නෙළුම් වැව ගින්න ගැන විමර්ශන වාර්තාවෙන් හෙළිවූ දේ
විල්පත්තුව ජාතික වනෝද්‍යාන කලාපයේ පිහිටි වනාතවිල්ලුව, පරණ එළුවන්කුළම 'නෙළුම් වැව' පරිශ්‍රයේ සිදුවූ ගිනිගැනීමකින් කුඹුක්, බක්මී සහ මාදං ඇතුළු විශාල ප්‍රමාණයේ ශාක 110කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බව පරිසර අමාත්‍යාංශය පැවැත්වූ විශේෂ ඒකාබද්ධ ක්ෂේත්‍ර පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
ඊයේ (18) පැවැති මෙම පරීක්ෂණය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක නිලධාරීන් එක්ව ඇත.
දිට්වා සුළි කුණාටු සමයේ කැඩී ගිය වැව් බැම්ම පිළිසකර කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පස් ලබාගැනීමේදී එක්රැස් වූ වියළි ශාක කොටස් මත හටගත් ගින්නක් හේතුවෙන් මෙම හානිය සිදුව තිබේ.
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සංවේදී ප්‍රේරණ කලාපයක මෙම වැව පිහිටා තිබුණ ද, අදාළ ප්‍රතිසංස්කරණ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවෙන් හෝ මධ්‍යම පරිසර අධිකාරියෙන් කිසිදු පූර්ව පාරිසරික අනුමැතියක් ලබාගෙන නොමැති බව විමර්ශනවලදී හෙළි විය.
[7VU625Y
ඒ අනුව, සිදුවූ බරපතල පාරිසරික හානිය වෙනුවෙන් වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට එරෙහිව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.
රාජ්‍ය සංවර්ධන කටයුත්තක් වුව ද රටේ පාරිසරික නීති උල්ලංඝනය කරමින් සංවේදී පරිසර පද්ධති විනාශ කිරීමට කිසිදු පාර්ශ්වයකට ඉඩ නොතබන බව පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.