කොළඹ වරායේ සැකකටයුතු බහාලුමක් - විමර්ශන වහාම ඇරඹේ

Report

කොළඹ වරාය පරිශ්‍රයේ ඇති සැකකටයුතු බහාලුමක් සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති අතර, අදාළ බහාලුම පරීක්ෂා කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස පොලීසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

මේ සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අපනයනය සඳහා සූදානම් කර තිබූ බහාලුමක් සම්බන්ධයෙන් මෙලෙස අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි.

අදාළ බහාලුම පරීක්ෂා කිරීමට පොලීසිය වෙත අවසර ලබාදෙන ලෙස අධිකරණය දැනුම්දී ඇති අතර, ඒ අනුව ඉදිරියේදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ඊට අවසර ලබාදීමට කටයුතු කරන බව ද රේගු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

ඥානසාර හිමියන්ගේ සිර දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළ නඩුවේ මෝසම කැඳවෙයි

ඥානසාර හිමියන්ගේ සිර දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළ නඩුවේ මෝසම කැඳවෙයි