අසිරිමත් නත්තල වෙනුවෙන් රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක්..(VIDEO)

Report

නත්තල් දින කතෝලික දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 45,000ක ප්‍රමාණයක් යොදවා ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ, අත්‍යාවශ්‍ය ස්ථාන සඳහා යුධ හමුදා ආරක්ෂාවද යෙදවීමට පියවර ගෙන ඇති බවයි.

පුරප්පාඩු අධ්‍යක්ෂ ජනරාල් තනතුරු දෙකකට නව පත් කිරීම් සදහා අවසර..

පුරප්පාඩු අධ්‍යක්ෂ ජනරාල් තනතුරු දෙකකට නව පත් කිරීම් සදහා අවසර..

මේ අතර නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.

එමෙන්ම නත්තල් දිනය වෙනුවෙන් රැඳවියන් 389 දෙනෙකු නිදහස් කිරීමට තීරණය කර ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

2024.12.25 දිනට යෙදෙන නත්තල් දිනය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් හට ජනාධිපති පොදු සමාවක් ප්‍රධානය කර ඇත.

වරායේ බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම ගැන කැබිනෙට්ටුවේ තීරණය..

වරායේ බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම ගැන කැබිනෙට්ටුවේ තීරණය..

මෙහිදී,

• ගතකරන ලද එක් වර්ෂයක් වෙනුවෙන් සති 01ක සමාවක් ප්‍රදානය කිරීම.

• සිර දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඩය අහෝසි වීම මත නිදහස් කිරීම.

මෙම නිර්ණායකයන් යටතේ ජනාධිපති පොදු සමාව හිමි (ස්ත්‍රී හා පුරුෂ) රැදවියන් 389 කට මෙවර නිදහස හිමි වී ඇත.

ඒ අනුව 2024.12.25 වන දින මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 48, වාරියපොල බන්ධනාගාරයෙන් සිරකරුවන් 45 ක් හා වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 41ක් අතුළුව දිවයිනේ සෑම බන්ධනාගාර ආයතනයකින්ම සිරකරුවන් නිදහස් වීමට නියමිතව ඇත.


You may like this video