හැටන් නගරයේ තැතිගන්වනසුලු අපරාධයක් - 82 හැවිරිදි අඹුසැමි යුවලක් කපා කොටා ඝාතනය කෙරේ

By Aylin Zoya May 22, 2026 04:39 AM GMT
Report

හැටන් දික්ඔය නගරයේ වෙළඳසැලක් තුළ ජීවත් වූ අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව හැටන් පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 82 හැවිරිදි එස්. කාලිමුත්තු සත්තිවේල් සහ ඔහුගේ 82 හැවිරිදි බිරිඳ සගුන්තලා දේවි බව වාර්තා වේ.

අදාළ යුවළගේ දරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටින අතර, ඔවුන් දෙදෙනා දිගු කාලයක් වෙළඳසැල් ව්‍යාපාරයේ නිරතව සිට පසුව එය වසා දමා එම ස්ථානය තුළම තනිව ජීවත් වී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ රතු නිවේදන - වහාම ඉවත් වෙන්නැයි දැනුම් දෙයි

දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ රතු නිවේදන - වහාම ඉවත් වෙන්නැයි දැනුම් දෙයි

කිසියම් පුද්ගලයෙකු වෙළඳසැලට ඇතුළු වී මෙම ඝාතනය සිදුකර පලාගොස් ඇති බවට පොලිසිය සැක පළ කරයි.

සිද්ධිය පිළිබඳව දරුවන් විසින් දුරකථන ඇමතුම් ලබාදීමේදී ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් අසල්වැසියන් දැනුවත් කර ඇති අතර, පසුව ඔවුන් වෙළඳසැල විවෘත කර පරීක්ෂා කිරීමේදී මෙම ඝාතනය අනාවරණය වී ඇති බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටී. 

කැලණි ගඟ අයිනේ ඉන්න අය වහාම සූදානම් වෙන්න - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිකුත් වූ හදිසි නිවේදනය

කැලණි ගඟ අයිනේ ඉන්න අය වහාම සූදානම් වෙන්න - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිකුත් වූ හදිසි නිවේදනය

අද දවසේ වාසනාව මතු කරන ලග්න මෙන්න - ඔබේ ලග්නයත් ඒ අතර තිබේද?

අද දවසේ වාසනාව මතු කරන ලග්න මෙන්න - ඔබේ ලග්නයත් ඒ අතර තිබේද?