ජනාධිපති අපේක්ෂකයින් වැඩි වෙන්න වැඩිවෙන්න මහජනතාවගේ පොකට් එක හිස් වෙනවා ..

Report

ඡන්ද පත්‍රිකාවේ දිග අඟල් භාගයකින් පමණ වැඩි වෙද්දී එක් අපේක්ෂකයකු සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ වියදමද රුපියල් මිලියන 200 කින් පමණ ඉහළ යන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

දැරියක කෙලෙසූ පාපතර සුළු පියාට වසර 60ක් සිර දඩුවමක්..

දැරියක කෙලෙසූ පාපතර සුළු පියාට වසර 60ක් සිර දඩුවමක්..

ඔහු පවසනුයේ අපේක්ෂකයන් වැඩි වෙද්දී ඡන්ද පත්‍රිකාවේ මුද්‍රණ වියදම පමණක් නොව ඔවුන්ට ලබාදෙන නිදහස් තැපෑල, ඔවුන්ගේ ආරක්ෂාව ඇතුළු කටයුතු සඳහා වැයවන වියදමද ඉහළ යන බවයි.

“ඡන්ද පත්‍රිකාව දිගු වෙද්දී ඡන්ද මධ්‍යස්ථානයක භාවිත කෙරෙන ඡන්ද පෙට්ටි සංඛ්‍යාව වැඩි වෙනවා. පෙට්ටි සංඛ්‍යාව වැඩි වෙද්දී ඒවා දාන්න වැඩි වාහන සංඛ්‍යාවක් යොදා ගැනීමට සිදුවීම නිසා වාහන වියදමද ඉහළ යනවා. ඡන්ද මධ්‍යස්ථානයට යොදා ගැනීමට සිදුවන කම්කරුවෝ සංඛ්‍යාව ඉහළ යනවා. ඒ වගේම, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේදී ඡන්දය ගණන් කිරීමේ කටයුතු සඳහා ගතවන කාලයත් වැඩිවෙනවා. කාලය ගත වෙනවා කියන්නේ නිලධාරීන්ට ගෙවන දීමනා ඉහළ යනවා. ආහාර පාන වියදම් ඉහළ යනවා. විදුලි ගාස්තු ඉහළ යනවා.“

ඥාති පුතා ගෙනාව විස්කි ගන්න ගිය පොලිස් මාමා නිසා ජරමර රැසක් ..

ඥාති පුතා ගෙනාව විස්කි ගන්න ගිය පොලිස් මාමා නිසා ජරමර රැසක් ..

සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී අරමුණකින් තොරව වෙනත් වෙනත් කාරණා මත අපේක්ෂකත්වය ඉහළ යාම නිසා මෙලෙස වැඩිවන මුදල මෙරට මහජනතාවට දැරීමට සිදුවන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් පවසා සිටියේය.