ඥාති පුතා ගෙනාව විස්කි ගන්න ගිය පොලිස් මාමා නිසා ජරමර රැසක් ..

Sri Lanka Police Colombo Sri Lanka Sri Lanka Customs
By Piyumika Aug 06, 2024 02:00 AM GMT
Piyumika

Piyumika

Report

කොළඹ වරායට ආ නෞකාවකින් ගෙන ආ විදේශීය විස්කි බෝතල්, දුම්වැටි ඇතුළු භාණ්ඩ තොගයක් පොලිස් ජීප් රථයකින් තීරු බදු නොගෙවා නීති විරෝධී අන්දමින් රැගෙන යාමට පැමිණි පොලිස් සැරයන්වරයකු ඇතුළු සිව්දෙනකු රේගු නිලධාරීන් විසින් පෙරේදා (04 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ජීප් රථය නුගේගොඩ කොට්ඨාසයේ පොලිසියකට අයත් ජීප් රථයක් වන අතර තීරුබදු නොගවා නීති විරෝධී අන්දමින් භාණ්ඩ රැගෙන යාමට පැමිණ ඇත්තේ එම පොලිසියේම පොලිස් සැරයන් රියැදුරකි.

බ්‍රිතාන්‍ය උණුසුම් තත්වයක..විශේෂ හමුවක් කැඳවා ඇති බව වාර්තා වේ..

බ්‍රිතාන්‍ය උණුසුම් තත්වයක..විශේෂ හමුවක් කැඳවා ඇති බව වාර්තා වේ..

පෙරේදා (04 වැනිදා) මෙම ජීප් රථය පොලිසියට හිමි අවසර පත්‍රයකින් වරාය පොලිසියට යන බව පවසා වරාය පරිශ්‍රයට ඇතුළුකර ඇති අතර පසුව නෞකාවකින් ගෙන එන ලද විස්කි බෝතල්, දුම්වැටි, ටොපි චොකලට් ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් ජීප් රථයට පටවාගෙන ඇත.

පසුගිය (03 වැනිදා) පැමිණ ඇති එම නෞකාවේ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු සිට ඇති බවත් එක් අයකු ජීප් රථයේ පැමිණි පොලිස් සැරයන්වරයාගේ ඥාති පුත්‍රයකු බවත් මොවුන් ජීප් රථය නැව අසලටම ගෙන ගොස් මෙම විදේශීය මත්පැන් බෝතල් 30 ක් ඇතුළු භාණ්ඩ පටවාගෙන වරායෙන් පිටතට පැමිණෙමින් සිට ඇත.

යකඩ යකාගේ යකඩ හොරකම් කල පහක් අත්අඩංගුවට ..

යකඩ යකාගේ යකඩ හොරකම් කල පහක් අත්අඩංගුවට ..

වරාය ආරක්ෂක අංශයේ නිලධාරීන් මෙම ජීප් රථය පරීක්ෂා කිරීමේදී තීරු බදු නොගෙවා ගෙනයන මෙම මත්පැන් බෝතල් දැක රේගු නිලධාරීන් දැනුවත් කර ඇති බවත් පසුව පොලිස් සැරයන්වරයා ඇතුළු සිව්දෙනාත් පොලිස් ජීප් රථයත් එහි තිබූ මත්පැන් බෝතල්, දුම්වැටි ඇතුළු භාණ්ඩත් රේගු භාරයට ගෙන තිබේ.

මෙහිදී පොලිස් සැරයන්වරයා පවසා ඇත්තේ මෙම භාණ්ඩ නෞකාවක සේවය කරන තම පුතු විසින් නැවකින්ම එවන ලද ඒවා බවය. කෙසේ වෙතත් විදේශයකින් රැගෙන එන සෑම භාණ්ඩයක් සඳහාම තීරු බදු ගෙවීමට සිදුවන හෙයින් මෙම භාණ්ඩ බදු නොගෙවීමකින් ගෙනවිත් ඇති බව රේගු නිලධාරීන් සඳහන් කර ඇත.

දැරියක කෙලෙසූ පාපතර සුළු පියාට වසර 60ක් සිර දඩුවමක්..

දැරියක කෙලෙසූ පාපතර සුළු පියාට වසර 60ක් සිර දඩුවමක්..

නමුත් මේවා රැගෙන යාම සම්බන්ධයෙන් යම් ලියැවිල්ලක් පොලිස් සැරයන්වරයා විසින් ඉදිරිපත්කර තිබෙන බවත් ඒ අනුව දීර්ඝ වශයෙන් ඒ ගැන විමර්ශනය කර රාත්‍රී 11 වනතෙක්ම පොලිස් සැරයන්වරයා ඇතුළු සිව්දෙනා රේගු භාරයේ රඳවා ගෙන තිබිණි.

එසේම පොලිස් සැරයන්වරයා ඇතුළු සිව්දෙනා සම්බන්ධයෙන් කොළඹ වරාය පොලිසියටද පැමිණිලිකර ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. පොලිස් ජිප් රිය ඊයේ සවස් වන තෙක්ම රේගු භාරයේ තබාගෙන ඇත.

එසේම නෞකාවේ සිටිමින් මෙම ක්‍රියාවට සම්බන්ධ වූ ශ්‍රීලාංකික සේවකයන් තිදෙනාගේ වැඩ තහනම් කිරීමට ද අදාළ නැව් සමාගම ඊයේ පියවර ගෙන තිබිණි.

ඇමරිකන් අධිකරණය හමුවේ ගූගල් සමාගම වැරදිකරු වේ..

ඇමරිකන් අධිකරණය හමුවේ ගූගල් සමාගම වැරදිකරු වේ..

මේ සිදුවීම හේතුවෙන් ඊයේ උදෑසන කොළඹ වරායෙන් පිටවීමට තිබූ නෞකාවද පැය කිහිපයක් ප්‍රමාද වී තිබිණි. මේ හේතුවෙන් වරායට ආසන්න පොලිස් ස්ථාන කිහිපයේ හැර සෙසු කිසිදු පොලිසියක හෝ ඒකකයක වාහන වරාය සීමාවෙන් අධිවේගි මාර්ගයට ඇතුළු කිරීමද සීමා කර තිබිණි.

මේ සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් විමසීමක් කළද මෙම ජීප් රථය තම කොට්ඨාසයේ එකක් නොවන බව සඳහන් කළේය.

කෙසේ වෙතත් කොළඹ උතුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.    

ReeCha