ඇවන්ගාඩ් අර්බුදය යළි කරළියට- රජයට සිදුවූ කෝටි ගණනක පාඩුව ගැන අල්ලස් කොමිසමට සහ CIDයට පැමිණිලි කරන්න COPE එකෙන් තීරණයක්

Report

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ රක්නා ආරක්ෂක ලංකා සමාගම එක්ව පවත්වාගෙන ගිය මුහුදු ආරක්ෂණ සේවාවන් සඳහා ඇවන්ගාඩ් සමාගම සම්බන්ධ කර ගැනීම හේතුවෙන් රජයට සිදුවූ බව කියන මූල්‍ය පාඩු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් COPE තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ COPE සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති කාරක සභා රැස්වීමේදී ය.

එහිදී රක්නා ආරක්ෂක ලංකා සමාගමේ නිලධාරීන් කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර, මුහුදු ආරක්ෂණ සේවාවන් සඳහා ඇවන්ගාඩ් සමාගම සම්බන්ධ කර ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් සභාපතිවරයා දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත .

අදාළ සමාගම සමඟ ඇති කරගෙන තිබූ සියලු ගිවිසුම් අහෝසි කිරීමට පියවර ගන්නා බවත්, රජයට සිදුවූ බව කියන මූල්‍ය පාඩුව අයකර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලන බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

තවද අදාළ ක්‍රියාවලියට සහය දැක්වූ සියලු පාර්ශ්ව සම්බන්ධයෙන් නීතිමය පියවර ගත යුතු බවද කාරක සභා සාමාජිකයින් අවධාරණය කර තිබේ  .

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්