සමූපකාර සාමාජිකයන්ට රජයෙන් සුබ ආරංචියක් - අද සිට ක්‍රියාත්මකයි
මෙරට සමූපකාර ක්ෂේත්‍රයේ සුවිශේෂී ඩිජිටල් පරිවර්තනයක් සනිටුහන් කරමින් “සමූපකාර සාමාජික ඩිජිටල් ද්වාරය” නිල වශයෙන් ජනගත කිරීම අද (14) පෙරවරු 9.30 ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.
සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන මෙම සුවිශේෂී වැඩසටහන වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
සාම්ප්‍රදායික සමූපකාර ක්ෂේත්‍රය නූතන තාක්ෂණය සමඟ බද්ධ කරමින් සාමාජිකයින් වෙනුවෙන් වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම අරමුණු කරගත් මෙම ඩිජිටල් ද්වාරය දියත් කිරීමේ මහෝත්සවය සඳහා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා මෙන්ම වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා ද විශේෂ ආරාධිතයින් ලෙස සහභාගි වීමට නියමිතව ඇත.