කෝප් කමිටු සභාපතිගේ දබර ඇඟිල්ලේ සංඥාවෙන් තමන්ගේම රෙදි ගලවාගත් හැටි.(PHOTO)
By Hashini
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලිබඳ මේ දිනවල බොහෝ කතා බහට ලක්වනවා.
එම කතාබහ අතරේ ඊයේ (14) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණා.
ඒ ඕස්ට්‍රේලියාවේ පැවති පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.
එම සාකච්ඡාවේදී කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර විසින් දඹර ඇඟිල්ලෙන් හස්ත සංඥාවක් ලබා දෙන ආකාරයක් ද දක්නට ලැබුණා.
මේ සම්බන්ධයෙන් අද (15) පාර්ලිමේන්තුවේදී ද කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර දෝෂ දර්ශනයට ලක් වුණා.
කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර හට ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ පැවති ව්‍යාපාර සම්බන්ධතා පිළිබඳව කරුණු ද අනාවරණය වී තිබෙනවා.










