ආපදා තත්ත්වයන්හිදීත් මවුකිරි දීම නවත්තලා, පිටිකිරි දෙන්න යන්න එපා

Report

ආපදා තත්ත්වයන්හිදීත් දරුවන්ට මවුකිරි දීම දිගටම සිදුකරන ලෙසත්, පිටිකිරි හෝ ළදරු කිරිපිටි ප්‍රවර්ධනය කිරීමෙන් සහ බෙදාහැරීමෙන් වැලකී සිටින ලෙසත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂිකා සහ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහත්මිය සියලුම පාර්ශ්වකරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

දරුවාගේ උපතේ සිට මාස හයක් ගතවන තුරු එකම ආහාරය මවුකිරි පමණක් විය යුතු බවත්, මෙම කාලය තුළ දරුවාට ජලයවත් මවුකිරිට අමතරව ලබා නොදිය යුතු බවත් ඇය අවධාරණය කළාය. කුමන ආපදා තත්ත්වයක වුවද මව ජීවත්ව සිටින තුරු මවුකිරි නිපදවෙන බැවින්, දරුවා අසල මව නොමැති විශේෂිත අවස්ථාවක මිස මවුකිරි දීම දිගටම සිදුකළ යුතු බවද ඇය පෙන්වා දුන්නාය.

තවත් අවදානම් තත්ත්වයක් - ප්‍රදේශ රැසක පිරිස් වහාම ඉවත් කරයි

තවත් අවදානම් තත්ත්වයක් - ප්‍රදේශ රැසක පිරිස් වහාම ඉවත් කරයි

උපතේ සිට මාස හයක් දක්වා මවුකිරි දරුවාට පරිපූර්ණ ආහාරයක් ලෙස ක්‍රියා කරන බවත්, එමගින් දරුවාට අවශ්‍ය සියලුම පෝෂණය, ප්‍රතිශක්තිය සහ ජලය ලැබෙන බවත් වෛද්‍ය සිරිතුංග මහත්මිය සඳහන් කළාය. විශේෂයෙන්ම ආපදා කාලවලදී පැතිරිය හැකි රෝගවලින් දරුවා ආරක්ෂා කිරීමට මෙම ප්‍රතිශක්තිය ඉතා වැදගත් බව ඇය අවධාරණය කළාය. මාස හයෙන් පසුවද අනෙකුත් ආහාර සමග මවුකිරි දිගටම ලබාදීම කළ යුතු බවද ඇය පැහැදිලි කළාය.

මෙම ආපදා තත්ත්වයන් තුළ ඇතැමුන් පිටිකිරි, ළදරු කිරිපිටි සහ කිරි බෝතල් ප්‍රවර්ධනය කිරීම සහ ආපදා සහන සමග බෙදාහැරීම සිදුකරන බව නිරීක්ෂණය වී ඇති බවත්, එය සමස්ත ජාතියේ දරුවන්ටම කරන මහත් හානියක් බවත් වෛද්‍ය සිරිතුංග මහත්මිය පෙන්වා දුන්නාය. එබැවින් එවැනි ප්‍රවර්ධනයන්ගෙන් සහ බෙදාහැරීම්වලින් වැලකී සිටින ලෙස ඇය සියලුම පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

තවත් අවදානම් තත්ත්වයක් - ප්‍රදේශ රැසක පිරිස් වහාම ඉවත් කරයි

තවත් අවදානම් තත්ත්වයක් - ප්‍රදේශ රැසක පිරිස් වහාම ඉවත් කරයි

මවුකිරි දීමට මව්වරුන්ට සහාය වීම සඳහා අවශ්‍ය දේ ලබාදීම වැදගත් බවත්, ඒ සඳහා පහසුවෙන් අසුන්ගැනීමට පුටු, මවුකිරි දීමට සුදුසු ඇඳුම්, දරුවන් උණුසුම්ව තබාගැනීමට බ්ලැන්කට්, තොප්පි සහ මේස් ආදිය ලබාදීම කළ යුතු බවත් ඇය සඳහන් කළාය.

 මෙම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් අවශ්‍ය නම් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය අමතන ලෙසද වෛද්‍ය සිරිතුංග මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මගී ජීවිත 23ක් අනතුරේ දැමූ බස් රථ කොන්දොස්තරවරයාට සහ රියැදුරුට වැඩ වරදියී

මගී ජීවිත 23ක් අනතුරේ දැමූ බස් රථ කොන්දොස්තරවරයාට සහ රියැදුරුට වැඩ වරදියී