විනිසුරුවරුන්ට අසත්‍ය චෝදනා කල ජනමාධ්‍යවේදියෙකුට වැඩ වැරදි..

Report

අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට අසත්‍ය චෝදනා ඇතුළත් වෙබ් ලිපියක් පළකිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වෙබ් ජනමාධ්‍යවේදියෙකු වරදකරු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

"දුප්පත් ජනතාව ගැන නිතර සිතමින් කටයුතු කරගෙන යන්න" කාදිනල් හිමිපාණන් නව ජනපතිගෙන් ඉල්ලයි ..(VIDEO/PHOTOS)

"දුප්පත් ජනතාව ගැන නිතර සිතමින් කටයුතු කරගෙන යන්න" කාදිනල් හිමිපාණන් නව ජනපතිගෙන් ඉල්ලයි ..(VIDEO/PHOTOS)

සෝභිත රාජකරුණා, මේනකා විජේසුන්දර සහ මායාදුන්නේ කොරයා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.

මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වෙන අතරතුර විත්තිකරු අධිකරණය මගහැර රටින් පිටව ගොස් ඇති බැවින් විත්තිකරු නොමැති අවස්ථාවක අධිකරණයට අපහාස කිරීමේ නඩු විභාගය සිදු කර තිබුණි.

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට යළි දැනුම්දීමක් ..

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට යළි දැනුම්දීමක් ..

අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ට අල්ලස් සහ දුෂණ චෝදනා එල්ල කරමින් 2020 අප්‍රේල් 30 වැනි දින වෙබ් අඩවියක පළ කරන ලද වෙබ් ලිපියක් පදනම් කරගෙනයි නීතිපතිවරයා විසින් එම වෙබ් ජනමාධ්‍යවේදියාට එරෙහිව නඩුව ගොනු කර තිබුණේ.