සිපෙට්කෝ ලිහිසි තෙල් බෙදාහැරීම ආරම්භයි
අද (27) සිට ධීවර ප්‍රජාවට සහනයක් ගෙන එමින් ගුණාත්මක බවින් ඉහළ “සිපෙට්කෝ ලිහිසි තෙල්” ධීවර වරාය ආශ්‍රිතව බෙදාහැරීමේ නව වැඩ පිළිවෙලක් ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සහායෙන් ආරම්භ කරන ලදී.
මෙමගින් ධීවර යාත්‍රාවලට අවශ්‍යය අමෙරිකානු තත්ත්ව සහතික ලත් ගුණාත්මක ලිහිසි තෙල් නිෂ්පාදන ධීවර වරාය පරිශ්‍රයෙන්ම මිළට ගැනීමට හැකි වී තිබේ.
ඒ අනුව මෙහි මුල් පියවර අද දික්ඕවිට ධීවර වරායෙන් ආරම්භ කරන ලද අතර, ඉදිරියේදී රට පුරා පිහිටුවා ඇති ධීවර වරාය 25ක් ආශ්‍රිතව විශේෂයෙන් බහුදින ධීවර යාත්‍රා සදහා අවශ්‍ය ලිහිසි තෙල් ධීවර ප්‍රජාවට සහනයක් වන අයුරින් ලබාදීමට සැළසුම් කර තිබේ.
මෙහි ආරම්භක අවස්ථාව අද බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, සාගර ජලජ සම්පත් සහ ධීවර කටයුතු පිළිබද අමාත්‍ය රාමලිංගම් චන්ද්රෙසේකරන් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් දික්ඕවිට ධීවර වරාය පරිශ්‍රයේදී සිදු වූ අතර රජයේ ආයතන හරහා ලැබෙන ලාභය පෙරලා ජනතාවට සහන සැළසීම සහ යටිතල පහසුකම් දියුණු කිරීම සදහා වැයකරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.
එමෙන්ම ධීවර ප්‍රජාවට ලබාදෙන භූමිතෙල් සහනාධාරය නිශ්චිතවම ධීවරයාටම ලැබෙන බවට සහතික කෙරෙන වැඩපිළිවෙලක් ඉදිරියේදී සකස්කරන බවද ඒ හා ආශ්‍රිතව සිදුවන අයතා ගණුදෙනු වැලැක්වීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකශ කළේය.
තවද රාජ්‍ය හිමිකාරීත්වය සතු ආයතනයක් ලෙස ඉහළ ගුණාත්මක නිෂ්පාදන ක්‍රියාවලියක් ඔස්සේ නිෂ්පාදනය වන සිපෙට්කෝ ලිහිසි තෙල් නිෂ්පාදන අන්තර්ජාතික තත්ත්ව සහතික ලබා ඇති බවත් ඒවායේ ගුණාත්මකභාවය තහවුරු වී ඇති බවත් පවසමින් ධීවර ප්‍රජාව මෙන්ම අනිකුත් යාන වාහන භාවිතාකරන්නන්ට ද එකී නිෂ්පාදන භාවිත කරන ලෙසට ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.