වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ...

By Parami Dissanayake Jul 18, 2024 04:20 PM GMT
Report

අද (18) ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරීක්ෂණය සඳහා එක් වෙමින් ගාලු මුවදොර පිවිසුමෙන් කොළඹ නගරයට හා වරාය නගරයට ප්‍රවේශයක් ලබාදීම සඳහා ඉදිවන වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් එළැඹෙන ඔක්තෝබර් මාසය වනවිට අවසන් වීමට නියමිත බව පවසයි.

සුදු මැස්සා රෝගයට පිළියම්...

සුදු මැස්සා රෝගයට පිළියම්...

වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කෙරෙන්නේ 2019 සැප්තැම්බර් මාසයේ දී වන අතර, ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර මත ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය සඳහා දළ ඇස්තමේන්තු ගත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 300කි.

කාසියේ වාසිය Kandy Falcons කණ්ඩායමට...

කාසියේ වාසිය Kandy Falcons කණ්ඩායමට...

චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව විසින් ඉදිකිරීම් සිදුකරන වරාය පිවිසුම් ගුවන් මාර්ගය කිලෝමීටර 5.3ක දිගකින් යුත් මංතීරු 4කින් සමන්විත අධිවේගී මාර්ගයක් වන අතර, මෙම අධිවේගී මාර්ගය ඉඟුරු කඩේ මංසන්ධිය අසලින් නව කැලණි පාලමට සම්බන්ධ වන අතර එතැන් සිට කුලුනු මතින් ගාලු මුවදොර සහ අභිනව වරාය නගරය දක්වා පැමිණෙයි.