'' දැවැන්ත අවමානයක්'' ඉන්දිය ක්‍රිකට් පරාජයට කොංග්‍රස් මන්ත්‍රී දෙහි කපයි

Report

එංගලන්තයට එරෙහි T20 තරගාවලි පරාජයෙන් පසු ඉන්දීය කණ්ඩායමට ශෂි තරූර්ගෙන් දැඩි විවේචන එංගලන්තය සමඟ පැවති තරග පහකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම 3-0ක් ලෙස පරාජයට පත්වීමත් සමඟ ඉන්දීය කණ්ඩායම දැඩි විවේචනයට ලක්ව තිබේ.

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ක්‍රිකට් ලෝලියකු වන ශෂි තරූර්, සමාජ මාධ්‍ය ඔස්සේ සිය අප්‍රසාදය පළ කරමින් ඉන්දීය කණ්ඩායමේ දුර්වල දස්කම් දැඩි ලෙස විවේචනය කළේය. ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, "මට වචන නැහැ. මම සම්පූර්ණයෙන්ම විස්මයට පත්වෙලා. මෙය තවත් එක් දැවැන්ත අවමානයක්. මේ ගැන කියන්න කිසිවක් නැහැ," යනුවෙනි. එම සටහනේදී ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI), ප්‍රධාන තේරීම් කමිටු සභාපති අජිත් අගර්කාර් සහ ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගම්භීර් ද සඳහන් කර තිබුණි.

ලංකාවට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි - ළහිරුගේ 188 සටන මැද කොදෙව්වෝ වසර 3කට පසු ඓතිහාසික ජයක් ලබයි

ලංකාවට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි - ළහිරුගේ 188 සටන මැද කොදෙව්වෝ වසර 3කට පසු ඓතිහාසික ජයක් ලබයි

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් අනතුරුව විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රාහී නායක සූර්යකුමාර් යාදව් කණ්ඩායමෙන් ඉවත් කර, නායකත්වය ශ්‍රේයස් අයියර් වෙත භාර දෙන ලදී.

වසර දෙකහමාරකට අධික කාලයකට පසු විස්සයි20 කණ්ඩායමට නැවත එක්වූ ශ්‍රේයස් අයියර් පිත්තෙන් සාර්ථක දස්කම් දැක්වුවද, ඔහුගේ නායකත්වය යටතේ ඉන්දියාව මෙතෙක් එක් තරගයක්වත් ජයගෙන නොමැත.

ඔහුගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ තරග හයෙන් පහක්ම පරාජයට පත්ව ඇති අතර, එක් තරගයක් වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵලයකින් තොරව අවසන් විය.

බ්‍රිස්ටල්හි පැවති සිව්වැනි තරගයේදී ඉන්දියාව කඩුලු 9කින් පරාජය කිරීමට එංගලන්තය සමත් විය. මුලින් පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 158ක් රැස් කළ අතර, ශ්‍රේයස් අයියර් පන්දු 49කින් නොදැවී ලකුණු 80ක් ලබා ගනිමින් ඉනිමේ කැපී පෙනෙන පිතිකරු බවට පත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය වෙනුවෙන් හැරී බෘක් සහ ෆිල් සෝල්ට් අර්ධ ශතක රැස් කරමින් පන්දුවාර 13.5ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. පන්දු යැවීමේදී ජොෆ්රා ආචර් ලකුණු 20කට කඩුලු 2ක් සහ ජොෂ් ටංග් ලකුණු 36කට කඩුලු 2ක් දවා ගනිමින් එංගලන්ත ජයග්‍රහණයට දායක වූහ.

ක්‍රිකට් ලෝකයම හොල්ලන 10 වන කාන්තා ලෝක කුසලාන සටන- ඉතිහාසය අලුත් කරන තීරණාත්මක දිනය අදයි

ක්‍රිකට් ලෝකයම හොල්ලන 10 වන කාන්තා ලෝක කුසලාන සටන- ඉතිහාසය අලුත් කරන තීරණාත්මක දිනය අදයි