රටවල් දෙකක් එකිනෙකාට ඇගිලි දික්කරමින් මුහුද මැද ගැටුමක..(VIDEO)

By Piyumika Sep 01, 2024 04:32 AM GMT
Report

දකුණු චීන මුහුදේදී චීනය සහ පිලිපීනය සතු වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් එකිනෙක ගැටීම සම්බන්ධයෙන් දෙරටේ බලධාරීන් එකිනෙකාට චෝදනා එල්ලකර ගන්නා බව මාධ්‍ය සඳහන් කරයි.

පිලිපීන බලධාරීන් පවසනුයේ මුහුද මැද නැංගුරම් දා තිබූ සිය වෙරළාරක්ෂක යාත්‍රාවක චීන වෙරළාරක්ෂක යාත්‍රාවක් වුවමනාවෙන්ම හප්පා ඇති බවය.

උපන්දිනයට කෑම බෙදා දීමට පැමිණි විශ්‍රාමික මේජර් ජනරාල්වරයකුද හරවා යවමින් යුද හමුදා මූලස්ථානය ගත් අලුත්ම තීරණය ..

උපන්දිනයට කෑම බෙදා දීමට පැමිණි විශ්‍රාමික මේජර් ජනරාල්වරයකුද හරවා යවමින් යුද හමුදා මූලස්ථානය ගත් අලුත්ම තීරණය ..

ඊයේ වාර්තා වූ එම ගැටුම, මතභේදයකට ලක්වී ඇති මෙම මුහුදු කලාපයේ සිදුවූ 5 වැනි ගැටුම්කාරී අවස්තාව ලෙස වාර්තා වේ.

"Sabina Shoal" ලෙස හැඳින්වෙන මෙම මුහුදු කලාපය ඛනිජ සම්පත්, බොර තෙල් සහ මත්ස්‍ය සම්පත් බහුල ප්‍රදේශයකි. එබැවින් චීනය සහ පිලිපීනය යන රටවල් දෙකම එම කලාපය තමන් ට අයිති බව පවසයි.

ප්‍රබල අපරාධකරුවෙකුගේ ගෝලයකු කොටුවේ..

ප්‍රබල අපරාධකරුවෙකුගේ ගෝලයකු කොටුවේ..

එසේම දකුණු චීන මුහුදු කලාපය සඳහා බෲනායි, මැලේසියාව, තායිවානය, සහ වියට්නාමය ද අයිතිවාසිකම් කියයි. නමුත් චීනය පවසන්නේ එම මුහුදු කලාපය තමන් සතු කලාපයක් බවයි.

ඒ හේතුවෙන් එම රටවල් සහ චීනය අතර මත ගැටුම් උත්සන්න වී ඇත .