පුතාගේ යට කලිසම ගලවලා දස වද දීලා සරසවි සිසුවාගේ මවගේ පාපොච්චාරණය

Report

පසුගියදා සබරගමු විශ්ව විද්‍යාලයේ සිදුවූ නවක වදය සම්බන්ධ සිදුවීමකදී තවත් සිසුවෙකු ජීවිතයට සමු දුන්නා.ඔහු පළමු වසර සිසුවෙක් වන අතර දැඩි සඳහන් වන ආකාරයට දරා ගැනීමට නොහැකි ආකාරයෙන් ඔහු නවක වදය විඳලා තියෙනවා. මේ හේතුව නිසාම ඒ ආ පීඩනයත් එක්ක ඔහු ගෙල වැළලාගෙන ජීවිතේ නැති කරගන්න තීරණය කරනවා.

සබගරමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මරණයට හේතු හොයන්න කමිටුවක්

සබගරමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මරණයට හේතු හොයන්න කමිටුවක්

ඉතින් තමන්ගේ ආදරණීය වැඩිමහල් පුතාගේ මේ හදිසි වියෝව දරා ගැනීමට නොහැකි මව මේ සම්බන්ධයෙන් පාපොච්චාරණයක් සිදු කළේ පහත ආකාරයටයි.

“මගෙ පුතා (26) වෙනිදා ගියා එයාගෙ මහපොළ හදාගන්න කියලා අම්මේ මං ඒ දේ කරන් එන්නන් කියල ගිහිල්ලා එහාට ගියාට පස්සෙ වද දීලා බෙල්ලෙ එල්ලෙව්වලු ඒකලා අන්ඩර්වෙයාර් එකත් ගලවල ඇදුම් යට කලිසමත් ගැලවෙව්වලු.ඒකලා මේම මේම තල්ලු කරාලු. බිත්තියෙ ඔලුව වැද්දුවාලු. මගේ හැට්ට කටෙන් මගෙ පුතාට ඇන්නලු. ඒකලා වද දීලා කබඩ් එකක් ඇතුලට මේම තල්ලු කරාලු. මගෙ පුතාට මානසික ආතතියක් අපෙ ගෙදර තිබුනෙ නෑ. ගෙදර ආවට පස්සෙ අම්මිට මුහුන දුන්නෙත් නෑ. අනේ මං ඉල්ලන්නෙ මගෙ පුතාට වෙච්ච දේ කාටත් වෙන්න දෙන්න එපා.”

ඉතින් ඇගේ මේ ඉල්ලීම සහ පැමිණිල්ලට අනුව පොලිසිය විසින් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමසීම් සිදු කිරීමට වෙනම විමර්ශන කමිටුවත් පත් කරල තියෙනවා කියලත් සඳහන්. කෙසේ නමුත් ඉතාමත් ඉක්මනින් ඔහු වෙනුවෙන් සාධාරණයක් ඉටුවිය යුතුයි.

සරසවි සිසුවාට වදදුන් සියල්ල දැලේ? අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි තීරණයකින් ..

සරසවි සිසුවාට වදදුන් සියල්ල දැලේ? අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි තීරණයකින් ..